1
3

ළමයි කැමති රසැති - හැඩැති කෙටි කෑම

 

 

ඇපල් ඇන්ඞ් රේසින්ස් ස්කෝනීස්


අවශ්‍ය ද්‍රව්‍ය
පිටි ග්‍රෑම් 225 ක්
කුරුඳු කුඩු තේ හැඳි 1 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
ලුණු රහිත බටර් ග්‍රෑම් 50 ක්
සාමාන්‍ය ප්‍රමාණයේ රතු ඇපල් ගෙඩි 2ක්
රේසින්ස් ග්‍රෑම් 100 ක්
සීනි ග්‍රෑම් 50 ක්
යෝගට් මේස හැඳි 2, 3 ක්


සාදන ක්‍රමය
පිටි, බේකින් පවුඩර්, කුරුඳු කුඩු බඳුනකට දමා කලවම් කරන්න. එයටම බටර් ද එකතු කර කලවම් කරන්න. ඇපල් පොතු ඉවත් කර ග්‍රේට් කරන්න. එම ගාගත් ඇපල්, රේසින්ස්, සහ සීනි පිටි මිශ්‍රණයට එකතු කර කලවම් කරන්න. පසුව යෝගට් එකතු කර මෘදු පිටි මිශ්‍රණයක් සාදන්න. එය පිටි ඉසගත් ලෑල්ලක අඟල් 1/2 ක් ගනකමට තුනී කරන්න. කටරයකින් හෝ තමන් කැමති හැඩයකට කොටස් කපන්න. දැන්  තැටියකට තෙල් කඩදාසියක් දමා එහි බටර් ටිකක් තවරා කපාගත් ස්කෝන්ස් එහි තබා සෙන්ටිග්‍රේඞ් 200 උෂ්ණත්වයට මිනිත්තු 10 ක් පමණ යන්තම් රන්වන් පැහැයට බේක් කරන්න. ඉවතට ගත් පසු කූලින් රැක් එකක තබා නිවුණු පසු  කෑමට ගන්න. 

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.